අ.පො.ස. (සා.පෙළ ප‍්‍රතිඵල විශ්ලේෂණය)
පසුගිය වසර 5 ක ප‍්‍රතිඵල විශ්ලේෂණය පිළිබද සලකා බැලීමේදී සමත්ශිෂ්‍ය සංඛ්‍යාව පිළිබද මධ්‍යස්ථ භාවයක් පවතින බව කිව හැකිය. කෙසේ නමුත් 2017 අ.පො.ස (සා.පෙළ) ප‍්‍රතිඵල යම් ආකාරයක සතුටුදායක තත්වයක් පැවති ඇති අතර එය ක‍්‍රමයෙන් 2019, 2020 වර්ෂවල යම් ආකාරයක පසු බැසීමකට ලක්ව ඇත. නැවත එය 2021 වර්ෂය වන විට සතුටුදායක මට්ටමකට පැමිණ ඇති බව පෙනෙයි්
අප පාසලේ සා.පෙළ ප‍්‍රතිඵල මේ ආකාරයක් ගැනීමට බලපාන විශේෂ සාධකයක් ඇත. එනම් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන් සියල්ලම පාහේ ප‍්‍රධාන නගරවල ජනප‍්‍රිය පාසල් සදහා ඇතුලත් කරන අතර කඩයිම් ලකුණට ආසන්න වූ සිසුන්ද වෙනත් පාසල් කරා ඇදී යයි. එසේ යාමට තරම් ලකුණු ප‍්‍රමාණයක් ලබා නොගත් සිසු දරුවන් අපේ පාසලේ බොහෝ දුරට නවතින අතර පාසලේ ගුරුභවතුන් මේ තරම් දුරකට හෝ ප‍්‍රතිඵල ඉහළ නංවා ඇත්තේ එම සිසුන්ගෙනි. නමුත් ඔවුන්ගෙන් බොහොමයක් සිසුන් අවසානයේ ශිෂ්‍යත්ව විභාගය සමත්ව ජනප‍්‍රිය පාසල් කරා ගිය සිසුන්ටත් වඩා වැඩි ප‍්‍රතිඵලයක් අප පාසලේ අධ්‍යාපන කටයුතුවල නිරත වීමෙන් ලබා ගන්නා බව කිව යුතුමය.
2021 වසරේ ප්‍රතිඵල ඉහළ නංවා ගැනීමේ වැඩසහටහනේ අවස්ථා කිහිපයක්.
No comments:
Post a Comment