School Logo

School Logo
SSMV Logo

Saturday, June 10, 2023

පාසල් ඉතිහාසය

 ඉංග‍්‍රීසි පාලන සමයේ රජයට පවරා ගත් වතුවල සේවකයින්ගේ දරුවන් හා ඒ ආශ‍්‍රිත ගමේ දරුවන් වෙනුවෙන් රජයේ පාසලක් ලෙස මෙය ආරම්භ කර ඇත්තේ ක‍්‍රි.ව.1884 දී බව සදහන්ය. පාසලේ පළමු ලොග් සටහන් පොත දිරාපත්ව විනාශ වී ගොස් ඇති අතර 1918.02.11 සිට දෙවන ලොග් පොතෙහි සටහන් තබා ඇති අතර එයට අනුව පාසලේ මුල් ගුරු ලෙස R. ධර්මවර්ධන මහතා කටයුතු කර ඇත. එවකට මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 74 ක් ව පැවත ඇති අතර මුල් යුගයේදී මෙය රජයේ පිරිමි පාසලක් ලෙස ක‍්‍රියාත්මකව ඇත.

එවකට බුලත්කොහුපිටිය නගරයේ පවත්වා ගෙන ගොස් ඇති ශ‍්‍රී නාගබෝධි බෙෘද්ධ පාඨශාලාව නම් මිශ‍්‍ර පාසල පසු කාලීනව මෙය හා එක් කරමින් 1922.01.05 දින සිට මෙම පාසල යක්ඇල්ල රජයේ මිශ‍්‍ර පාසල නමින් හදුන්වා ඇත. ක‍්‍රම ක‍්‍රමයෙන්  A.E. ඒබ්‍රහ්ම් මහතා සහ D.S.P. රත්නකාර මහතා යන මුල් ගුරුවරු යටතේ යම් ආකාරයක ප‍්‍රගතියක් කරා ලංවෙමින් 1928 වර්ෂය වන විට මෙහි ගුරුභවතුන් 04 ක් හා සිසුන් 156 ක් දක්වා පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කර ඇත.

පසුව K.B. ජයසිංහ මයා, H. ගොඩිගමුවේ මයා මෙන්ම D.D.S. පතිරාජ මයා යන විදුහල්පතිවරුන් යටතේ විද්‍යාලය විවිධ ආකාරයේ ජයග‍්‍රහණ ලබා ගනිමින් දියුණුවට පත්ව ඇත. 1954.01.04 දින මුල්ගුරු ලෙස පත්වූ D.S. සුරවීර මහතාගේ කාල වකවානුව තුළ මෙය කෑ/ යක්ඇල්ල මහා විද්‍යාලය බවට උසස් කිරීම් කරන ලදී. මේ කාලසීමාව තුළ පාසලේ සෞන්දර්ය හා තාක්‍ෂණික විෂය ආදියද ඉගැන්වීම් ආරම්භ කර ඇති අතර පන්ති කාමර සහ තාක්‍ෂණික විෂයන් සදහා නව ගොඩනැගිලි ද ඉදි කර ඇත.

පසුව 1961 සිට කෑ/ යක්ඇල්ල වළගම්බා මහා විද්‍යාලය ලෙස නම් කළ මෙයට පසු කාලීනව ක්‍රීඩා  ක්ෂේත‍්‍රය තුළින් ඉමහත් කීර් තියක් අත් කරගත් පාසලක් විය' පසුව. K.T. මහින්දදාස මයා, H. ජයසේකර මයා, M.P. ගුණවර්ධන මයා යන විදුහල්පතිවරු යටතේ පාලනය වූ මෙහි 1968 - 1970 දක්වා පාසලේ මුල් ගුරුවරයා වූ ගුණතිලක මහතාගේ පාලන සමයේ මෙම පාසල කෑ/ යක්ඇල්ල මහා විද්‍යාලය නමින් නැවතත් නාමකරණය විය.

පසුව H.P. සෝමරත්න මයා, R.B. ෂෙල්ටන් ද සිල්වා මයා R.A. ප්‍රේමචන්ද්‍ර මයා, B.T. පුංචි නිලමේ මයා, H.A. තිසේරා මයා, L.L. සිරිතුංග මයා යන විදුහල්පතිවරු යටතේ සීඝ‍්‍ර දියුණුවක් පාසල අත් කර ගන්නා ලදී. එහිදී ශිෂ්‍ය සංඛ්‍යාව හා ගුරු සංඛ්‍යාව ඉහළ යාමල ගොඩනැගිලි ඉදිකිරීමල පාසල සදහා අක්කර දෙකක පමණ භූමි භාගයක් නිරවුල්ව අත්කර දීම, උසස් පෙළ පන්ති ආරම්භය, විද්‍යාගාරල ගෘහ විද්‍යාගාර ඉදිකිරීම ආදිය සිදු විය.

පසුව මෙහි විදුහල්පති විජේවර්ධන මහතාගේ කාලයේ නැවත යක්ඇල්ල ශ‍්‍රී සීලානන්ද මහා විද්‍යාලය ලෙස දෙපාර්තමේන්තු අවසරය යටතේ නම් කර ඇති අතර පසුව පැමිණි ්‍H.P. ජිනදාස මහතාගේ පාලන සමයේ පාසල් ක‍්‍රීඩා පිට්ටනිය සැකසීමල පුස්තකාලය, කාර්යාලීය ගොඩනැගිල්ලල තෙමහල් ගොඩනැගිල්ල, දුරකතන පහසුකම් ලබා ගැනීම, උසස්පෙළ විද්‍යා අංශය ආරම්භ කිරීම වැනි කාර්ය බොහොමයක් ඉටු කර ගන්නා ලදී. ඉන්පසුව විදුහල්පති ලෙස කටයුතු කළ M. ධර්මසේන මහතා හා P.W.G.P.N. වල්පොල මහත්මිය මෙන්ම A.W. චන්ද්‍රාවතී මහත්මිය යටතේද පාසල විශාල ප‍්‍රගතියක් කරා ගමන් කළ අතර 2020.02.02 සිට මේ දක්වා විදුහල්පති ලෙස N.K.J.G. නාරගල මහතා කටයුතු කරන්නේය.




No comments:

Post a Comment

පාසලේ ප්‍රගතිය - අ.පො.ස. (උ.පෙළ. ප‍්‍රතිඵල විශ්ලේෂණය)

  අ.පො.ස. (උ.පෙළ. ප‍්‍රතිඵල විශ්ලේෂණය) ඉහත ලකුණු විශ්ලේෂණයට අනුව අ.පො.ස. (උ.පෙළ ප‍්‍රතිඵලද 2017-2018 වර්ෂවලට වඩා 2019 වර්ෂවල යම් ආකාරයක පසුබ...