School Logo

School Logo
SSMV Logo

Saturday, June 10, 2023

පාසලේ ප්‍රගතිය - අ.පො.ස. (උ.පෙළ. ප‍්‍රතිඵල විශ්ලේෂණය)

 අ.පො.ස. (උ.පෙළ. ප‍්‍රතිඵල විශ්ලේෂණය)



ඉහත ලකුණු විශ්ලේෂණයට අනුව අ.පො.ස. (උ.පෙළ ප‍්‍රතිඵලද 2017-2018 වර්ෂවලට වඩා 2019 වර්ෂවල යම් ආකාරයක පසුබෑමකට ලක්ව ඇති අතර 2021 වර්ෂයේදී එය නැවතත් යම් ආකාරයක ප‍්‍රගතියක් කරා ගමන් කර ඇති බව පෙනේ.

මෙයට අනුව අසමත් ප‍්‍රතිශතය ද පැහැදිලිව පෙන්නුම් කරන අතර නැවතත් එය ප‍්‍රගතිය කරා ගමන් කිරීම යහපත් තත්ත්වයකි. මේ අනුව අප පාසලේ අ.පො.ස. (උ.පෙළ. යම් ආකාරයක සතුටුදායක තත්ත්වයකින් පවතින බව කිව හැකිය.




පාසලේ ප්‍රගතිය - සා.පෙළ ප‍්‍රතිඵල

 අ.පො.ස. (සා.පෙළ  ප‍්‍රතිඵල විශ්ලේෂණය)




පසුගිය වසර 5 ක ප‍්‍රතිඵල විශ්ලේෂණය පිළිබද සලකා බැලීමේදී සමත්ශිෂ්‍ය සංඛ්‍යාව පිළිබද මධ්‍යස්ථ භාවයක් පවතින බව කිව හැකිය. කෙසේ නමුත් 2017 අ.පො.ස (සා.පෙළ) ප‍්‍රතිඵල යම් ආකාරයක සතුටුදායක තත්වයක් පැවති ඇති අතර එය ක‍්‍රමයෙන් 2019, 2020 වර්ෂවල යම් ආකාරයක පසු බැසීමකට ලක්ව ඇත. නැවත එය 2021 වර්ෂය වන විට සතුටුදායක මට්ටමකට පැමිණ ඇති බව පෙනෙයි්‍ 
අප පාසලේ සා.පෙළ ප‍්‍රතිඵල මේ ආකාරයක් ගැනීමට බලපාන විශේෂ සාධකයක් ඇත. එනම් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන් සියල්ලම පාහේ ප‍්‍රධාන නගරවල ජනප‍්‍රිය පාසල් සදහා ඇතුලත් කරන අතර කඩයිම් ලකුණට ආසන්න වූ සිසුන්ද වෙනත් පාසල් කරා ඇදී යයි. එසේ යාමට තරම් ලකුණු ප‍්‍රමාණයක් ලබා නොගත් සිසු දරුවන් අපේ පාසලේ බොහෝ දුරට නවතින අතර පාසලේ ගුරුභවතුන් මේ තරම් දුරකට හෝ ප‍්‍රතිඵල ඉහළ නංවා ඇත්තේ එම සිසුන්ගෙනි. නමුත් ඔවුන්ගෙන් බොහොමයක් සිසුන් අවසානයේ ශිෂ්‍යත්ව විභාගය සමත්ව ජනප‍්‍රිය පාසල් කරා ගිය සිසුන්ටත් වඩා වැඩි ප‍්‍රතිඵලයක් අප පාසලේ අධ්‍යාපන කටයුතුවල නිරත වීමෙන් ලබා ගන්නා බව කිව යුතුමය.


2021 වසරේ ප්‍රතිඵල ඉහළ නංවා ගැනීමේ වැඩසහටහනේ අවස්ථා කිහිපයක්.










පාසලේ ප්‍රගතිය - 05 ශීෂ්‍යත්වය

 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල

අප පාසලේ අධ්‍යාපන සාධනයෙහි ප‍්‍රගතිය පිළිබද සාකච්ඡා කිරීමේදී 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට හිමි වන්නේ ප‍්‍රධාන ස්ථානයකි. ප‍්‍රාථමික අංශයේ සෑම ශ්‍රේණියකම සමාන්තර පන්ති තුන බැගින් ස්ථාපනය කර ඇති අතර සෑම වර්ෂයකම ළමුන් 100-125 ත් අතර සංඛ්‍යාවක් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙතිි. එසේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් සිසුන්ගේ වර්ෂ 5 ක ප‍්‍රතිඵල විශ්ලේෂණය පහත දැක්වේ.


ඉහත ප‍්‍රතිඵල විශ්ලේෂණය පිළිබද කථා කිරීමේදී 2017 වර්ෂයේ වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් මෙම විභාගය සදහා ඉදිරිපත් වී ඇතත් අදාළ වර්ෂ පහ පිළිබද සලකා බැලීමේදී කඩයිම් ලකුණු ඉක්මවා යාමට මෙම ශිෂ්‍ය සංඛ්‍යාවක් දායක වී ඇති ආකාරය පෙන්නුම් කෙරේ. මෙහිදී ශිෂ්‍යත්ව විභාගයේ සමත් සංඛ්‍යාව 2019 වර්ෂයේ ඉහළම අගයක් ගෙන ඇති අතර 2020 වර්ෂයේ එය යම් තරමකින් පසුබා ඇති බවත්ල එය ක‍්‍රමයෙන් 2021 වර්ෂය වන විට නැවතත් යම් ආකාරයක ප‍්‍රගතියක් කරා ගමන් කර ඇති බවත් පෙනේ. 2020 වර්ෂයේ ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතය හේතුවෙන් දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීමට නොහැකි වීමත් මෙම පසු බෑමට බොහෝ සෙයින් බලපෑම් කරන්නට ඇතx ගුරුවරුන්ගේ හා දෙමාපියන්ගේ අපරිමිත කැපවීම මත ඉහළ ලකුණු ලබා ගනිමින් කඩයිම් ලකුණ ඉක්මවූ සිසුන්ද දැකිය හැකිය. කඩයිම් ලකුණ අභිබවා යාමට බොහෝ දෙනෙකුට හැකියාව නොලැබී ඇති විට ඉහත ප‍්‍රස්තාරයේ පැහැදිලි බවද, මෙම සෑම වර්ෂයකම සිසුන් එක් අයෙකු හෝ දෙදෙනෙකු හැරෙන්නට අන් සියල්ලෝම ශිෂ්‍යත්ව විභාගයට ලබා ගත් ලකුණු 70 ට වැඩි වීම පාසල ලබා ගත් ජයග‍්‍රහණයක් ලෙස දැක්විය හැකිය.




පාසලේ වත්මන් තත්වය

 පාසල් වර්ගීකරණයට අනුව 1C ක්‍ වර්ගයට අයත් මහා විද්‍යාලයක් වන අප පාසලේ වර්තමානය වන විට ළමුන් 1548 ක් පමණ අධ්‍යාපනය ලබයි. එයින් 735 ක් පිරිමි දරුවන් වන අතර ඉතිරි 813 දෙනා ගැහැනු දරුවන් වේ. එයින් සිසුන් 632 ක් ප‍්‍රාථමික අංශයද සිසුන් 820 ක් ද්වීතියික අංශයද (6-11 ශ්‍රේණිද* සිසුන් 96 ක් උසස් පෙළ කලා සහ වානීජ අංශ ද නියෝජනය කරයි.

අප පාසලේ වර්තමාන විදුහල්පතිතුමා  නාරගල මහතා වන අතර නියෝජ්‍ය විදුහල්පතිවරු තිදෙනෙක්ද, සහකාර විදුහල්පතිවරු තිදෙනෙක්ද ඇතුළුව අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලය 78 ක් සේවයේ යෙදී ඇත. වර්තමානය වන විට ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියට අමතරව ක‍්‍රීඩා, සෞන්දර්ය, තාක්‍ෂණය ආදී විවිධ විෂය ක්ෂේත‍්‍ර ඔස්සේ දරුවන්ගේ දැනුම, ආකල්ප, කුසලතා වර්ධනය කරමින් ඉදිරියට යමින් ශිෂ්‍ය සාධනය මෙන්ම විෂය සමගාමී ක‍්‍රියාකාරකම් ද ඉටු කරමින් ප‍්‍රදේශයේ දුවා දරුවන්ට අමිල මෙහෙයක් සිදු කරන බව කිව හැකිය.








පාසල් ඉතිහාසය

 ඉංග‍්‍රීසි පාලන සමයේ රජයට පවරා ගත් වතුවල සේවකයින්ගේ දරුවන් හා ඒ ආශ‍්‍රිත ගමේ දරුවන් වෙනුවෙන් රජයේ පාසලක් ලෙස මෙය ආරම්භ කර ඇත්තේ ක‍්‍රි.ව.1884 දී බව සදහන්ය. පාසලේ පළමු ලොග් සටහන් පොත දිරාපත්ව විනාශ වී ගොස් ඇති අතර 1918.02.11 සිට දෙවන ලොග් පොතෙහි සටහන් තබා ඇති අතර එයට අනුව පාසලේ මුල් ගුරු ලෙස R. ධර්මවර්ධන මහතා කටයුතු කර ඇත. එවකට මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 74 ක් ව පැවත ඇති අතර මුල් යුගයේදී මෙය රජයේ පිරිමි පාසලක් ලෙස ක‍්‍රියාත්මකව ඇත.

එවකට බුලත්කොහුපිටිය නගරයේ පවත්වා ගෙන ගොස් ඇති ශ‍්‍රී නාගබෝධි බෙෘද්ධ පාඨශාලාව නම් මිශ‍්‍ර පාසල පසු කාලීනව මෙය හා එක් කරමින් 1922.01.05 දින සිට මෙම පාසල යක්ඇල්ල රජයේ මිශ‍්‍ර පාසල නමින් හදුන්වා ඇත. ක‍්‍රම ක‍්‍රමයෙන්  A.E. ඒබ්‍රහ්ම් මහතා සහ D.S.P. රත්නකාර මහතා යන මුල් ගුරුවරු යටතේ යම් ආකාරයක ප‍්‍රගතියක් කරා ලංවෙමින් 1928 වර්ෂය වන විට මෙහි ගුරුභවතුන් 04 ක් හා සිසුන් 156 ක් දක්වා පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කර ඇත.

පසුව K.B. ජයසිංහ මයා, H. ගොඩිගමුවේ මයා මෙන්ම D.D.S. පතිරාජ මයා යන විදුහල්පතිවරුන් යටතේ විද්‍යාලය විවිධ ආකාරයේ ජයග‍්‍රහණ ලබා ගනිමින් දියුණුවට පත්ව ඇත. 1954.01.04 දින මුල්ගුරු ලෙස පත්වූ D.S. සුරවීර මහතාගේ කාල වකවානුව තුළ මෙය කෑ/ යක්ඇල්ල මහා විද්‍යාලය බවට උසස් කිරීම් කරන ලදී. මේ කාලසීමාව තුළ පාසලේ සෞන්දර්ය හා තාක්‍ෂණික විෂය ආදියද ඉගැන්වීම් ආරම්භ කර ඇති අතර පන්ති කාමර සහ තාක්‍ෂණික විෂයන් සදහා නව ගොඩනැගිලි ද ඉදි කර ඇත.

පසුව 1961 සිට කෑ/ යක්ඇල්ල වළගම්බා මහා විද්‍යාලය ලෙස නම් කළ මෙයට පසු කාලීනව ක්‍රීඩා  ක්ෂේත‍්‍රය තුළින් ඉමහත් කීර් තියක් අත් කරගත් පාසලක් විය' පසුව. K.T. මහින්දදාස මයා, H. ජයසේකර මයා, M.P. ගුණවර්ධන මයා යන විදුහල්පතිවරු යටතේ පාලනය වූ මෙහි 1968 - 1970 දක්වා පාසලේ මුල් ගුරුවරයා වූ ගුණතිලක මහතාගේ පාලන සමයේ මෙම පාසල කෑ/ යක්ඇල්ල මහා විද්‍යාලය නමින් නැවතත් නාමකරණය විය.

පසුව H.P. සෝමරත්න මයා, R.B. ෂෙල්ටන් ද සිල්වා මයා R.A. ප්‍රේමචන්ද්‍ර මයා, B.T. පුංචි නිලමේ මයා, H.A. තිසේරා මයා, L.L. සිරිතුංග මයා යන විදුහල්පතිවරු යටතේ සීඝ‍්‍ර දියුණුවක් පාසල අත් කර ගන්නා ලදී. එහිදී ශිෂ්‍ය සංඛ්‍යාව හා ගුරු සංඛ්‍යාව ඉහළ යාමල ගොඩනැගිලි ඉදිකිරීමල පාසල සදහා අක්කර දෙකක පමණ භූමි භාගයක් නිරවුල්ව අත්කර දීම, උසස් පෙළ පන්ති ආරම්භය, විද්‍යාගාරල ගෘහ විද්‍යාගාර ඉදිකිරීම ආදිය සිදු විය.

පසුව මෙහි විදුහල්පති විජේවර්ධන මහතාගේ කාලයේ නැවත යක්ඇල්ල ශ‍්‍රී සීලානන්ද මහා විද්‍යාලය ලෙස දෙපාර්තමේන්තු අවසරය යටතේ නම් කර ඇති අතර පසුව පැමිණි ්‍H.P. ජිනදාස මහතාගේ පාලන සමයේ පාසල් ක‍්‍රීඩා පිට්ටනිය සැකසීමල පුස්තකාලය, කාර්යාලීය ගොඩනැගිල්ලල තෙමහල් ගොඩනැගිල්ල, දුරකතන පහසුකම් ලබා ගැනීම, උසස්පෙළ විද්‍යා අංශය ආරම්භ කිරීම වැනි කාර්ය බොහොමයක් ඉටු කර ගන්නා ලදී. ඉන්පසුව විදුහල්පති ලෙස කටයුතු කළ M. ධර්මසේන මහතා හා P.W.G.P.N. වල්පොල මහත්මිය මෙන්ම A.W. චන්ද්‍රාවතී මහත්මිය යටතේද පාසල විශාල ප‍්‍රගතියක් කරා ගමන් කළ අතර 2020.02.02 සිට මේ දක්වා විදුහල්පති ලෙස N.K.J.G. නාරගල මහතා කටයුතු කරන්නේය.




පාසලේ පිහිටීම හා පාසල හැදින්වීම

 සබරගමුව පළාතේල කෑගල්ල දිස්ත‍්‍රික්කයේල දෙහිඕවිට අධ්‍යාපන කළාපයේ යටියන්තොට අධ්‍යාපන කොට්ඨාසය තුළ පිහිටා ඇති කෑ/දෙහි/ ශ‍්‍රී සීලානන්ද මහා විද්‍යාලය 1C ක්‍ වර්ගයට අයත් පාසලකි. මෙය බුලත්කොහුපිටිය නගරයට 50 m ක පමණ දුරින් අවිස්සාවේල්ල - බුලත්කොහුපිටිය ප‍්‍රධාන මාර්ගයට මුහුණලා ස්ථානගතව ඇති අතර බුලත්කොහුපිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ප‍්‍රධානතම පාසලයි. අක්කර 7 ක පමණ බෑවුමක් සහිත භූමි භාගයක පිහිටා ඇති මෙය තෙත් කළාපයට අයත් පාසලක් බැවින් එයට අයත් භූමියේ  ඕනෑම වර්ගයේ වගාවක් කිරීමට තරම් සුදුසුකම් ඇති පසකට උරුමකම් කියයි.

  "අප්පමාදේන සම්පාදේථ" යන ආදර්ශ පාඨය පෙරදැරිව  "ලොව දිනන්නට සවිමත් දරු කැළක්" යන දැක්මක් සහිතව අභිමානවත් ගමනක් අරඹා ඇති සීලානන්දයේ සුවිශේෂී සංස්කෘතිකාංගයක් ලෙස පළමු දරුවා පාසලට පැමිණීමට පෙර විදුහල්පතිතුමා පාසලට පැමිණීමත් අවසාන දරුවා පාසලෙන් පිටවූවාට පසු විදුහල්පතිතුමා පාසලෙන් පිටවීමත් පෙන්වා දිය හැකියි.  "අභියෝග ජයගත හැකි නිර්මාණශීලී නිරෝගී අභිමානවත් දරු පරපුරක් උදෙසා සම්පත් ඵලදායීව හසුරවමින් ඉගෙනුම් අවස්ථා සැලසීම” යන මෙහෙවර ප‍්‍රකාශය ඔස්සේ යමින් දැයේ දරුවන්ගේ අනාගතය සුඛිත මුදිත කිරීම යන අරමුණ පෙරදැරිව සීලානන්ද විදුහල් මෑණියන්ගේ කාර්ය මණ්ඩලය නිබදව කටයුතු කරයි.









ශ්‍රී සීලානන්ද මහා විද්‍යාලයේ බ්ලොග් අඩවියට සියළු දෙනා සාදරයෙන් පිළිගනිමු.

 බුලත්කොහුපිිටිය ශ්‍රී සීලානන්ද මහා විද්‍යාලයේ නිල බ්ලොග් අඩවිය වන මෙම වෙබ් අඩවිය හරහා පාසලේ නවතම තොරතුරු ඔබ වෙත ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙමු.





පාසලේ ප්‍රගතිය - අ.පො.ස. (උ.පෙළ. ප‍්‍රතිඵල විශ්ලේෂණය)

  අ.පො.ස. (උ.පෙළ. ප‍්‍රතිඵල විශ්ලේෂණය) ඉහත ලකුණු විශ්ලේෂණයට අනුව අ.පො.ස. (උ.පෙළ ප‍්‍රතිඵලද 2017-2018 වර්ෂවලට වඩා 2019 වර්ෂවල යම් ආකාරයක පසුබ...